රෝහල්වලට යුද හමුදාව කැඳවයි


(ගයාන් සූරියආරච්චි සහ යොහාන් බාසුර)

වැඩ වර්ජන හේතුවෙන් අඩාල වන රෝහල් කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සදහා රෝහල්වල දෛනික කටයුතුවලට යුද හමුදාව යෙදවීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා  අද (16) උපදෙස් දී තිබේ.

රජයේ රෝහල්වල සුළු සේවක වෘත්තීය සමිති ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් වර්ජනයක් අරඹා ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය සහ ආරක්ෂක අමාත්‍යංශය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව යුද හමුදා භට පිරිස් රෝහල්වල දෛනික කටයුතුවලට යොදවා තිබේ.

(ඡායාරූප -ශාන්ත රත්නායක)