
(රංජන් කස්තුරි)
පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ඊයේ (5) ආරම්භ කළ වැඩවර්ජනය අද (6) පස්වරුවේ අවසන් කළ බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසී ය.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ අද දහවල් පැවැති සාකච්ඡාව සාර්ථක වූ හෙයින් එම වර්ජනය අවසන් කළ බවද බව ද රවි කුමුදේශ් මහතා කීය.
හෙද සේවාවට ලබා දුන් ඉල්ලීම් ඒ ආකාරයෙන්ම පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්ට ද ලබාදීමට රරජය තීරණය කර ඇතැයි එම සාකච්ඡාවේදී ඇමතිවරිය දැනුම් දුන් බව ද කුමුදේශ් මහතා පැවසීය.
ඒ අනුව ලබන සදුදා (12) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම ට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා බව සෞඛ්‍ය ඇමතිවරිය සඳහන් කළ බවද කුමුදේශ් මහතා කීය.

