(රංජන් කස්තුරි)
රජයේ රෝහල්වල ඇඳන් 11000ක ඔක්සිජන් ඇතුළු අනෙකුත් පහසුකම් ඇති කිරිමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය සඳහන් කරයි.
කොරෝනා ආසාදිත රෝගීන් දැඩි සත්කාර ඒකක සඳහා යොමු කිරීමට අවශ්‍ය නොවන පරිදි වාට්ටුවල ඇඳන් සඳහා ඔක්සිජන් පහසුකම් ඇති කිරීම නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම වැඩපිළිවෙල රටපුරා රජයේ රෝහල් 191ක ක්‍රියාත්මක කරන බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 300ක පමණ මුදලක් වැය කිරීමට අපේක්ෂිත බවද ඇමතිවරයා කීය.

