රෝහලට යන අතරතුර අනතුරින් එක්දරු පියා මරුට


 

(සුනිල් එස් තන්ත්‍රිආරච්චි )

රෝහල්ගතව සිටින දරුවා බැලීමට යතුරු පැදියෙන් යමින් සිටි 25 හැවිරිදි එක් දරු පියෙකු කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ උතුරු පයාගලදී සිදුවූ රිය අනතුරකින් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මග්ගොන ,අක්කරමලේ පදිංචිව සිටි මොහොමඩ් සුල්ෆිකාර් මොහොමඩ් ඉස්තාන් නම්වූ අයෙකි .

කළුතර නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවා සහ ඔහු සමග සිටින බිරිඳ බැලීමට යමින් සිටි මොහු නවතා තිබූ බස් රථයක් පසු කර යෑමට උත්සහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පයාගල පොලිසිය කියයි .