රෝයල් පාර්ක් සැකකරුට රටින් පිටවීම වළක්වන නියෝගයක්


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ජනාධිපති සමාව ප්‍රදානය කරමින් නිදහස් කරනු ලැබූ රෝයල් පාර්ක ඝාතන නඩුවේ ප්‍රධාන චුදිතයාව සිටි ජුඩ් ශ්‍රාමන්ත ජයමහ නැමැත්තා රටින් පිටවීම වළක්වාලන නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නිකුත් කළේය.

විත්තිකරු යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරිමට නියෝග කරන්නැයි ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සළකා බැලීමෙන් පසු මෙම නියෝග නිකුත් කෙරිණි.

බුවනෙක අලුවිහාරේ, විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර යන විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම සළකා බැලිණි.