රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා සභාවෙන් ඉල්ලා අස්වෙයි


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) හිටපු තරග තීරකවරයෙක් වන රොෂාන් මහානාම මහතා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජාතික ක්‍රීඩා සභාවෙන් ඉල්ලා අස්වීමට හේතුව ලෙස ඒ මහතා ‘ පෞද්ගලික හේතුවක්’ ලෙස යැයි සඳහන් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.