(විමුක්ති සංජය පෙරේරා )
රිදීමාලියද්ද ඌරණිය දිවුල්අළුව වේල්යායේ කුඹුරක ට්‍රැක්ටරයක සීසාමින් සිටි (63) හැවිරිදි පුද්ගලයෙකු ට්‍රැක්ටරයේ රොටරියට හසුවි මියගොස් ඇතැයි රිදීමාලියද්ද පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ 12 කණුව ඌරණිය ,මහියංගණ යන ලිපිනයේ පදිංචි හේරත්මුදියන්සේලාගේ ධර්මදාස (63) හැවිරිදි තිදරු පියෙකි.
ඔහු සිය ට්‍රැක්ටර් රථයෙන් සී සාමින් සිටියදි පිටුපස සවිකළ තිබු රෝටලියේ ඇතිවු කාර්මික දෝෂයක් හෙතුවෙන් රෝටරිය ඉහලට ඔසවා ට්‍රැක්ටර් රථයේ යටට ගොස් එය සකසමින් සිටියදි එකවරම රෝටරිය පහත්වීමෙන් එයට යටවි මියගොස් ඇතැයි මුලික විමර්ශන වලදි අණාවරණය වු බව පොලිසිය කියයි.