(නිමන්ති රණසිංහ)
හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න යන අයවළුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (19) නියෝග කළේය.
අනුරාධපුර සදහිරුසෑයේ තැන්පත් කිරිම සඳහා කිලෝග්‍රෑම් 8 ක බරකින් යුත් රත්තරන් සමාධි පිළිමයක් නිර්මාණය කිරිමට ශ්‍රී ලංකා රේගුව සතු රත්තරන් ලබාදී සාපරාධී විශ්වාසය කඩ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොවුනට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
මෙම සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි මෙම සිද්ධියට අදාළව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට සඳහන් කර ඇත.

