(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී.විජේවීර මහතා සහ එහි හිටපු සහකාර අතිරේක රේගු අධ්‍යක්ෂක තාරක සෙනවිරත්න යන මහත්වරුන් වෙත අධිකරණයෙන් පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන මාර්තු 31 වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි අවලංගු කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය.
රේගුව සතු රත්තරන් කිලෝ 8 ක් සදහිරු සෑයේ තැන්පත් කිරිමට පුජා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද (26) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් විණි.

