(රංජන් කස්තුරි)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 90000ක් පමණ විශාල බදු මුදලක් එකතු කිරීම පැහැර හැර ඇති අතර රේගුවේ වැරදි හේතුවෙන් රටට රුපියල් කෝටි 150,000කට අධික මුදලක් අහිමිවන බව ද පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චමිපික රණවක මහතා කීය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැහැර හැර ඇති බදු මුදලින් රුපියල් කෝටි 17900ක් පමණ වහාම එකතු කර ගත හැකි බව වන බව ද පාර්ලිමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය.
සෙස ආදායම් බදු එකතු කිරීමට නොහැකිව ඇත්තේ නඩු බව නිසා බව ද පැවැසූ පාඨලී චම්පක රණවක මහතා සඳහන් කළේ බදු එකතු කිරීමට කාරක සභාවෙන් උපදෙස් ලබාදුන් බවයි.
බදු අභියාචනා වසර දෙකකින් අවසන් කළ යුතු වුවත් ඇතැම් බදු අභියාචනා කටයුතු වසර 15ක් ඉක්මවා තිබෙන බව ද පැවැසූ මන්ත්‍රිවරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සෘජු ක්‍රියා මර්ග ගැනීමේ හැකියාව තිබෙන බව ද කීය.

