රේගුවේ රඳවාගත් පිළිකා යන්ත්‍රයේ කොටස් දෙයි


( රංජන් කස්තුරි )

පිළිකා රෝහලේ යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීම සදහා ආනයනය කර තිබියදී රේගුව මගින් රඳවාගෙන තිබූ උපකරණ තොගය වහාම නිදහස් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එම උපකරණ තොගය රේගුව බාරයේ රඳවාගෙන ඇත්තේ ඒවා ආනයනය කළ පෞද්ගලික ආයතනයේ ප්‍රමාද දෝෂයක් නිසා බවද අමාත්‍යවරයා කීය.

උපකරණ පිළිකා රෝහලට අවශ්‍ය ඒවා බවට එම රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් ලිඛිතව තහවුරු කළ බවද ඉන් පසුව ඒවා මුදාහැරි බවද රංජිත් සියඹලාපිටිය මහතා කීවේය.