(දයාසීලි ලියනගේ)
රේගු ආඥා පනත, විනිමය පාලන පනත, ආනයන - අපනයන පාලන පනත ආදියෙහි පාලනයකින් තොරව නිදහසේ භාණ්ඩ ආනයනය හා අපනයන කිරිමට අවශ්‍ය නීතිමය පසුබිම ලබාදී ඇති ගැසට් පත්‍රය වහාම අවලංගු කරන ලෙස සමස්ත ලංකා රේගු සේවා සංගමය මුදල් අමාත්‍යංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
අපද්‍රව්‍ය අඩංගු බහාලුම් මෙරටට ගෙන්වා ඇත්තේ මෙම ගැසට් නිවේදනයෙන් ලබාදී ඇති බලතල අනුව යැයි සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ලේකම් ජේ.ඒ.ගුණතිලක මහතා සිය ලිපියේ සදහන් කර ඇත.
මෙම ගැසට් පත්‍රයෙන් සිදුවී ඇත්තේ නීත්‍යනුකුල වෙළදාම පහසුකම් සලසනවා වෙනුවට රටට, ජනතාවට ආර්ථීකයට, පාරිසරික පද්ධතියට විනාශකාරී ජාවාරම්කරුවන්ට ඉඩකඩ විවෘතවීම බවද එහි සඳහන් කර ඇත.
වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන්වා ඒවා මෙරට ගම්මිරිස් ලෙස ප්‍රතිඅපනයනය කර මෙරට ගම්මිරිස් වෙළඳාම විනාශ කරන ලද්දේ ද මෙම ගැසට් පත්‍රය උපයෝගී කර ගෙන බවද එහි සඳහන් කර ඇත.

