(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් සැලසුම් කළ පරිදි පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් අද (02) එම විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට දැඩි උණුසුම් තත්වයක් හටගත්තේය.
විරෝධතාවයට සම්බන්ධ බව කියන සිසුන්ට එම විශ්ව විද්‍යාලයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වීමට හෝ පිටතට ඒමට එහි ආරක්ෂක අංශය ඉඩ ලබා නොදීම ඊට හේතු විය.
මේ හේතුවෙන් මාතර නගරයේ සිට විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබූ විරෝධතා පා ගමන අවලංගු කිරීමට සිසුන්ට සිදු වී තිබුණි.
එම ස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් ද සීරුවෙන් තබා තිබුණි.ඊට අමතරව විශ්ව විද්‍යාලය වටා ද විශේෂ හමුදා ආරක්ෂාවක් යොදවා තිබුණි.
මාතර දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් බුද්ධි නිලධාරීන් ද මාතරට කැඳවා තිබූ අතර අමතරව කැරලි මර්ධන අංශ ද ස්ථාන ගත කර තිබුණි.
රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ශිෂ්‍ය නායකයින් කිහිප දෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීම,උප කුලපතිවරයා ඇතුළු පාලන අධිකාරියේ අත්තනෝමතික ක්‍රියා කලාපය ඇතුළු සිද්ධීන් කිහිපයකට විරෝධය පල කරමින් ඔවුන් එම විරෝධතා පා ගමන පැවැත්වීමට සැලසුම් කර තිබුණි.
එය අසාර්ථක වු නිසා සිසුහු පිරිසක් අද (02) පස්වරුවේ විශ්ව විද්‍යාලය ඉදිරිපිටට පැමිණ සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා විසිර ගියහ.




