
(ශාන්ත රත්නායක)
රුසියානු හමුදා යුක්රේනයට එරෙහිව සිදු කළ ප්‍රහාරවලට එරෙහිව ශ්‍රී ලංකාවේ වෙසෙන යුක්රේන ජාතිකයෝ පිරිසක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ.
රුසියානු හිතවාදී බෙදුම්වාදීන්ට සහාය දක්වමින් රුසියානු හමුදාව ප්‍රහාර නවත්වන්නැයි ඔවුහු බල කරති.
එහිදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව විරෝධතා පුවරු ප්‍රදර්ශන කරමින් එම පිරිස විරෝධතාවයේ නිතර වූහ.




