
(ටී.කේ.ජී.කපිල)
රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර සිව් වැනි ගුවන් සේවයත් එළඹි 2024 වසරේ ජනවාරි මස 01 දින සිට ගුවන් ගමන් ආරම්භ කර තිබේ .
" රොසිය ගුවන් සේවය " මෙසේ නව ගුවන් ගමන් සේවා ආරම්භ කර ඇති අතර මෙම ගුවන් ගමන් සදහා බෝයිං - 777 වර්ගයේ ගුවන් යානා සේවයේ යොදවා තිබේ . ඔවුන් නිශ්චිත කාළසටහනකට අනුව ( Schedule Flights) සෑම සතියකම දින 04 ක් රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර සිය ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරති .
මේ සදහා වූ විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ.ජයකාන්ත මහතා විසින් ඉකුත් 12/29 දින රොසියා ගුවන් සේවයේ සැළසුම් සහ මෙහෙයුම් ප්‍රධානී නිකිතා ඩොල්ගොව් මහතා වෙත කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරී කාර්යාලීය පරිශ්‍රයේ දී පිරිනමා තිබුණි .
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර එරොෆ්ලොට් ( Aroflot), අසූර් එයාර් (Azur Air) , රෙඩ් වින්ග්ස් ( Red Wings) සහ රොසියා ගුවන් සේවය ( Rossiya Air Line) සිය ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරමින් සිටිති .

