
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
උණවටුන සංචාරක කාර්යාංශය තුළ දී එංගලන්ත ජාතික සංචාරකයකුට පහර දුන්නේ යැයි කියන රුසියානු ජාතික සංචාරකයකු හබරාදූව සංචාරක පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අයුතු ලෙස ඇතුළු වී පහර දුන්නේ යැයි කියන චෝදනාව යටතේ මෙම රුසියන් ජාතිකයා අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.
පහරකෑමට ලක්වූ බව කියන එංගලන්ත ජාතික සංචාරකයා කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා මෙම රුසියන් ජාතික සංචාරකයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය පැවසීය

