රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි ජර්මනියට


විෂ ශරීරගත වීම නිසා දැඩි ලෙස රෝගාතුර වී සිටින රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි මහතා හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙන යන ගුවන් යානයකින්  ජර්මනියට රැගෙන ආවේය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිරන්තරයෙන් විවේචනය කරන එරට විපක්ෂ නායකයා ලෙස ද සැලකෙන ඇලෙක්සි නවාල්නි සිහිසුන්ව රෝහල් ගත කළ බවත්ල යම් අයකු ඔහුට වස දී ඇතැයි වෛද්‍යවරුන් සැක කරන බවත් විදෙස් මාධ්‍ය ඉකුත් දා වාර්තා කළේය.

ඔහු රැගෙන ඒම සඳහා ජර්මනිය විශේෂ ගිලන් ගුවන් යානයක් යැවීයග නවාල්නි රෝගාතුර වීමෙන් අනතුරුව සයිබීරියාවේ ඕම්ස්ක් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඇලෙක්සි නවාල්නි ඇතුළත් කර ඇත්තේ ජර්මනියේ බර්ලින් නුවර පිහිටි චරිටි රෝහලට වන අතර රාජ්‍ය නොවන සංවිධානයක් මැදිහත් වී මෙලෙස නවාල්නි ජර්මනියට ගෙන්වාගෙන ඇත.

නවාල්නිගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් හොඳ නැතැයි එම සංවිධානයේ නිර්මාතෘ කීය.
 
නවාල්නිල රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ දීර්ඝකාලීන විරුද්ධවාදියකු වන අතර දූෂණයට එරෙහිව සටන් වදීග නවාල්නි ගුවන් යානයක් තුළදී තේ පානය කිරීමෙන් අනතුරුව සිහිසුන්ව ඇද වැටී ඇති අතර ඔහුට වස දී ඇතැයි ඔහුගේ සමීපතමයෝ විශ්වාස කරති.

නවාල්නිට ගුවනින් ගමන් කිරීම සඳහා ඔහු කෝමා තත්ත්වයකට පත් කළ බවත් ඔහුගේ බිරිඳට අනතුරක් හෝ අවදානමක් හෝ නැති බවත් ඕම්ස්ක් හි රෝහල් කාර්ය මණ්ඩලය සඳහන් කළේය.

‘සාමය සඳහා සිනෙමාව පදනම’ යන අරුත් දෙනිසිනෙමා ඔෆ් පීස්’ පදනම මැදිහත් වී මෙලෙස ගිලන් ගුවන් යානයක් සයිබීරීයාවට යැවීය.  නවාල්නි රැගත් ගුවන් යානය සෙනසුරාදාල එනම් ඊයේ බර්ලිනයට පැමිණි අතර ඒ සැණින් නවාල්නි රෝහල් ගත කළේය.

නවාල්නි මේ වනවිට 44 වැනි වියේ පසුවෙයි.

අදාළ පරීක්ෂණ කිරීමෙන් සහ පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව නවාල්නිගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන බව බර්ලිනයේ චරිටි රෝහල සඳහන් කළේය.

සති අන්තය වනවිට නවාල්නි සම්බන්ධයෙන් දැනුම් දීමක් කිරීමට රෝහලට හැකියාවක් නැතැයි එම රෝහලේ ප්‍රකාශිකාවක් පසුව ප්‍රකාශ කළාය.

‘‘නවාල්නිගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් හොඳ නැහැග ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හරිම කනගාටුදායක තත්ත්වයක තියෙන්නේ’’ යැයි සිනෙමා ඔෆ් පීස්’ පදනමේ නිර්මාතෘ යාකා බිසිලි රෝහලෙන් පිටත සිටි මාධ්‍යවේදීන් අමතමින් පැවැසීය.

නවාල්නිගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශයක් කරනු ඇතැයි ද හෙතෙම කීය.
 
රොයිටර්  (055)