(ඩී.ජී.සුගතපාල)
හික්කඩුව මුහුදේ නාමින් සිටි රුසියානු ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරිම සම්න්ධයෙන් යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙකු අද (05)සවස හික්කඩුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දැනට නුවරඑළිය මේට්කුලම් ඩ්‍රයිව්හි පදිංචි පනාගොඩ හමුදා කඳවුරේ සේවය කරනු ලබන හතළිස් හැවිරිදි මාණ්ඩලික සැරයන්වරයෙකි.
සැකකාර සැරයන්වරයා නිවාඩුවට බලපිටියේ මහ ගෙදරට පැමිණ පසුව හික්කඩුව මුහුදේ නෑමට ගොස් සිටියදී රුසියානු ජාතික කාන්තාවද මුහදේ දිය නාමින් සිට ඇත. ටික වේලාවකදී සැකකරු දියයටින් පිහිනාගොස් ඇයට ලිංගික අතවර කර ඇති අතර පසුව ඇය ඒ සම්බන්ධයෙන් හික්කුඩුව පොලිසියට පැමිණිලි කර තිබේ.
ඒ අනුව සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර හික්කඩුව පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

