
රුසියාවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා මැයි මස 03 දින දිවයිනට පැමිණීමට නියමිතය.
අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දෙරට අතර සම්බන්ධතා හා සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.
රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස මැයි 04 වන දින කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංචාරයක නිරතවීමට ද නියමිත අතර ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතා එකඟතා (MoU) කිහිපයකට එළඹීමට ද බලාපොරොත්තු වේ.
මෙම සංචාරයේදී ඖෂධ හා වෛද්‍ය උපකරණ, වෛද්‍ය විශේෂඥයන්ගේ පුහුණුව, උසස් අධ්‍යාපන සහයෝගීතාව , ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සහ සංචාරක සෞඛ්‍ය සේවා වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීමට නියමිතය.

