
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හිඟ සුරා බදු රුපියල් බිලියන 10.5ක මුදලක් සුරාබදු දෙපාර්තමේන්තුවට අයකර ගැනීමට තිබෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සුරා බදු ආඥා පනත යටතේ රීති පිළිබඳ විවාදය අරඹමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
"හිඟ බදු අය කර ගැනීමේ බාධා ඉවත් කර ගැනීම සඳහා මේ සංශෝධන ඉදිරිපත් කරනවා.හිඟ බදු අය කර ගැනීම සඳහා දැනට පවතින ආඥා පනතේ විශේෂ විධිවිධාන සඳහන් වී නැහැ.සුරා බදු වෙනුවෙන් නව පනතක් ඉදිරිපත් කිරීමේ කටයුතු මේ දිනවල කරමින් සිටිනවා.එමෙන්ම සුරා බදු එකතු කිරීමේ කාර්යය සඳහා කිසිදු පරිගණක ක්‍රමවේදයක් අනුගමනය කෙරුණේ නැහැ. නමුත් අප මේ වන විට සුරාබදු දෙපාර්තමේන්තුව වෙනුවෙන් ආදායම් පරිපාලන පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා කටයුතු සම්පාදනය කර තිබෙනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

