රිෂාඩ් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවයි


(මනෝජ් හර්ෂික)
 

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද (25) කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

2014-2015 කාලය තුළ ලංකා සතොස ආයතනයට සහල් මෙට්‍රික් ටොන් 257000ක් ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අමාත්‍යවරයා කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

පැය 6ක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද (25) සවස 4.30ට පමණ අමාත්‍යවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටත්ව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.