( නිමන්ති රණසිංහ )
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නැතැයි කී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඒ සඳහා වරෙන්තුවක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් අද(13) ප්‍රතික්ෂේප කළේය.
නීතීපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී මහජන මුදල් අවභාවිත කරමින් මැතිවරණ නීතී උල්ලංඝනය කළැයි කියන මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙසය.
මෙම වරද සංඥය වරදක් වන බැවින් එම වැරදි වලට වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගත හැකි බැවින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඒ සඳහා තමන් වරෙන්තු නිකුත් නොකරන බව මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

