රිලවුන් රට යැවීම ගැන උපදෙස් ගන්න අධිකරණය කල් දෙයි


(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට රිලවුන් ලක්ෂයක් යැවීමට ගෙන ඇති තීරණයේ වත්මන් තත්ත්වය පිළිබඳව අමාත්‍ය මණ්ඩල උපදෙස් ලබා ගැනීමට අභියාචනාධිකරණය නීතිපතිවරයාට කල් ලබා දුන්නේය.

අධිකරණය මෙසේ කල් ලබා දුන්නේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවය.

අධිකරණය මෙසේ නියෝග කළේ මේ සම්බන්ධ රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර් මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා කියා සිටියේ මේ සිද්ධිය පිළිබඳ අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබගත යුතු බැවින් ඊට කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

අධිකරණයෙන් ඊට අවසර ලැබින.