රියැදුරු බලපත්‍රයේ වලංගු කාලය මාස හයකින් දික් කරයි


(යොහාන් භාසුර)

රියදුරු බලපත්‍රයේ වංලගු කාලය මාස හයකින් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත් බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලලිත් ද අල්විස් මහතා ‘ලංකාදීප’යට පැවසීය.

පසුගිය මාර්තු මස 31 වැනිදා සිට ලබන සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා කාලය තුළ අවලංගු වන රියදුරු බලපත්‍රවලට මාස හයක අතිරේක කාලයක් හිමි වන බව ලේකම්වරයා පැවසීය.

මෙම දීර්ඝ කිරීමත් සමඟ ලබන සැප්තැම්බර් මස 30 වැනිදා අවලංගු වන රියදුරු බලපත්‍රයක් ලබන වසරේ (2022) මාර්තු 31 වැනිදා දක්වා වලංගු බවත් ලේකම්වරයා වැඩි දුරටත් සදඟන් කළේය.