රියදුරු බලපත්‍ර මුද්‍රණ කාර්යාලයේ වියදම්


(යොහාන් භාසුර)

ආරක්‍ෂක අංශයක් යටතේ ක්‍රියාත්මක වන වෙහෙරහැර රියදුරු බලපත්‍ර මුද්‍රණ කාර්යාලයේ වියදම් අධික වීම නිසා එහි පරිපාලනය පිළිබඳව තීරණයක් ගැනීමට සිදුවී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.

රියදුරු බලපත්‍ර මුද්‍රණ කාර්යාලයේ වියදම අධික වීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගැටලුවක් බවට පත්ව ඇති බව කී එම නිලධාරියා ඒ පිළිබඳව මේ වන විට සමාලෝචනය කරමින් සිටින බව ද කීය.

වෙහෙරහැර රියදුරු බලපත්‍ර මුද්‍රණ කාර්යාලයේ ආරක්‍ෂක අංශයකට සම්බන්ධ උසස් නිලධාරියකු ඉවත්කරන ලෙස නිර්දේශ කර ඇති බව ද වැඩි දුරටත් දැනගන්නට තිබේ.