(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් චන්දන)
පල්ලම අඩම්මන ප්‍රදේශයේදී යතුරු පැදියක් බොලේරෝ කෑබ් රථයක ගැටිමේන් සිදුවු මාරක අනතුරකින් බිරිද එම ස්ථානයෙදීම මරණයට පත්ව බරපතල ලෙස තුවාල සිදුවු සැමියා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව පල්ලම පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මාදම්පේ තනිමැල්ගම අසරප්පුලිගේ ඉන්දිරා නැමති 30 හැවිරිදි කාන්තාවක් බව කියයි.
බරපතල තුවාල සිදුව රෝහල් ගත කර ඇත්තේ 32 හැවිරිදි ඇයගේ සැමියා බව පොලීසිය කියයි.
ආණමඩුව ඌරියාව ප්‍රදේශයෙ මළ ගෙදරකට ගොස් නැවත මාදම්පේ ප්‍රදේශයට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මෙම යුවල හලාවත සිට ආණමඩුව දෙසට ගමන් කරමින් තිබු බොලේරෝ කැබ් රියක් මුහුණට මුහුණ ගැටිමේන් බව කියයි.