
( සිතුම් චතුරංග)
යාපනය , නුවර ඒ නවය මාර්ගයේ ඕමන්ත කිලෝමීටර 189 කණුව අසලදී අද (30) ලොරියක් කැබ් රියක් හා තවත් ට්‍රැක්ටර් රථයක ගැටී සිදු ව අනතුරින් පුද්ගලයකු මියගොස් තවත් අයකු බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි ඕමන්ත පොලිසිය කියයි.
කාර්මික දෝෂයකට ලක්ව තිබූ කැබ්රථය රැගෙන යාම සඳහා ට්‍රැක්ටර් රථය සූදානම් කරමින් සිටියදී කිලිනොච්චිය ප්‍රදේශයේ සිට අධික වේගයෙන් පැමිණ ඇති ලොරි රථය කැබ්රථයේ හා ට්‍රැක්ටර් රථයේ ගැටී ඇති බව පොලිසිය පැවසීය.
අනතුරින් කැබ්රථයේ රියදුරු සහ ට්‍රැක්ටර් රථයේ රියදුරු බරපතල තුවාල ලබා වවුනියාව රෝහල වෙත ඇතුලත් කිරීමේදී කැබ්රථයේ රියදුරු ජීවිතක්ෂයටපත්ව ඇතැයි ද සඳහන් කළේය.
එලෙස මියගොස් ඇත්තේ තලවකැලේ , ග්‍රේට්වෙස්ටන්වත්ත ප්‍රදේශයේ පදිංචි රාමචන්ද්‍රන් සදීෂ්කුමාර් නැමති 28 හැවිරිදි පුද්ගලයකු වේ.
තුවාල ලැබූ ට්‍රැක්ටර් රථයේ රියදුරු වවුනියාව මහ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බවද පොලිසිය පැවසීය.



