රිය අනතුරකින් සිසුවියක් මරුට


 ( හේමලතා ඩී හේවගේ   )                                          
 
මීගමුව කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගලයාය ප‍්‍රදේශයේදී අද (15) සිදුවු  රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ 12 හැවිරිදි පාසල් සිසුවියක් සඳලංකාව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පන්නල පොලීසිය කියයි.


 මෙලෙස අනතුරෙන් මියගොස් ඇත්තේ සඳලංකාව ජාතික පාසලේ 7 ශ්‍රේණියේ ඉගෙණුම ලබන ඉෂාරා මධුශානි නැමති සිසුවියකි.


ඇය තම පියා සමග යතුරුපැදියෙන් ක‍්‍රීඩා පුහුණුවීම් සඳහා පාසලවෙත යන අතරතුරදී මෙම අනතුර සිදුව ඇතිබව පොලීසිය පවසයි.