රිමාන්ඩ් සිරකරුවන් ගැන නීතිපතිගෙන් රෙගුලාසි මාලාවක්


(මනෝපිය ගුණසේකර)

ඇතැම් වැරදි සම්බන්ධයෙන්  රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින සැකකරුවන්ට ඇප ලබා ගැනීමේ පහසුව සඳහා නීතිපතිවරයා විසින් නව රෙගුලාසි මාලාවක් නිකුත් කර ඇත.

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතු කොට බන්ධනාගාරවල මතුව දැඩි තදබදය අවම කර ගැනීම සඳහා නීතිපතිවරයා මෙම නව උපදෙස් මාලාව දී ඇතැයි ඔවුන් නීතිපති සම්බන්ධීකරණ ලේකම්වරිය සඳහන් කළාය.

බන්ධනාගාර තදබදය අවම කරගැනීම සඳහා විසැඳුමක් ලබා දෙන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණ අමාත්‍යංශ ලේකම්වරියගෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම උපදෙස් මාලාව නිකුත් කළ බව ද ඇය වැඩිදුරටත් කීවාය.