(නිමන්ති රණසිංහ)
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම් කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් පස් දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබූ තිබූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ චෝදනා ඉවත් කර ගන්නා බව නීතිපති අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා හමුවේ දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව චෝදනා නගමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී සැකකරුවන් වන ගුරුගේ මංජුල, රනිල් ශ්‍යාමන් අප්පුහාමි, ජනක රුවන් අල්විස්, හර්ෂණ කාවින්ද සූරියආරච්චි හා නිරෝෂ මධුසංක ද සිල්වා යන සැකකරුවන් සම්බන්ධයෙන් මෙම පියවර ගත් බව නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණය හමුවේ පෙනීසිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කළැයි කියන සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ අද (30) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.
සැකකරුවන් විෂයෙහිලා මේ වන විට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරගැනීමට කටයුතු කළ ද ඔවුන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත හා පොදු දේපළ පනත යටතේ කටයතු කරන බව ද රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
එසේම තවත් සැකකරුවන් හත් දෙනෙකු සම්බන්ධයෙන් තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කරන බව ද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
පත්තිනිගේ ධනුෂ්ක, සමන් අසංක, උදාර චතුරංග , උපාලි රත්නායක, සුමේධ වීරසිංහ, ප්‍රභාත් දේවින්ද නිල් නන්දන යන සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් තස්ත්‍රවාදය වැලැක්විමේ පනත ප්‍රකාරව කටයුතු කරන බවද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියේ 27 වන සැකකරු වන උප පොලිස් පරීක්ෂක උදාර සම්පත් නමැත්තා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වල්ලියැද්ද මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කර සිටියේ තම සේවාදායකයා පොලිසිය භාරයේ සිටියදී ඔහුට පහරදීමක් සිදුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ය.
මෙම සැකකරු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැවින් ඒ සඳහා නියෝගයක් නිකුත් කළ යුත්තේ බන්ධනාගාර අධිකාරිවරයාට බව අධිකරණය මෙහිදී සඳහන් කළේය.
ඒ අනුව මෙම සැකකරුගේ ශරීරයේ අස්ථි හා මුහුනේ අස්ථි වලට හානි වි ඇත්ද යන්න පිළිබඳව පරික්ෂා කිරීමට වෛද්‍ය වාර්තාවක් කැඳවා එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 4 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය .
පොලිස් මත්ද්‍රවය නාශක කාර්යංශයට අනියුක්ත නිලධාරීන් කණ්ඩායමක් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධ වී අවි යුධ රැස් කිරීම මනුෂ්‍ය ඝාතනයන් කිරීමට ආධාර අනුබල දීම සැලසුම් කිරීම කුමන්ත්‍රණය කිරීම හා සහාසික ක්‍රියා සිදු කරමින් මහජන සමයට උපද්‍රව කිරීම හා සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබිණි.

