
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් රාත්‍රී 8 වනවිට නින්දට යනවා යැයි ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් චෝදනා කර ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් බයිඩන් වොෂින්ටන් අගනුවර පැවැති මාධ්‍ය හමුවේ දී පැහැදිලි කිරීමක් කළේය.
ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් පමණක් නොව, බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයන්ගෙන් පවා බයිඩන්ට විරෝධයක් එල්ල වෙයි. ඒ, 81 හැවිරිදි වියෙහි පසුවන බයිඩන්, යළි ජනාධිපති වීමට සුදුසු නැති බවත් වයස්ගත බැවින් ඔහුගේ මනස දුර්වල බවත් පෙන්වා දෙමිනි.
රාත්‍රී 8 ට නිදා ගැනීම සම්බන්ධයෙන් බයිඩන්, වොෂින්ටන් අගනුවර පැවැති මාධ්‍ය හමුවේ දී මෙසේ කීවේය.
'මම අවදි වෙන්නේ උදේ 7 ට. මම මධ්‍යම රාත්‍රිය තෙක් වැඩ කරනවා. මහන්සි වෙනවා. මට රාත්‍රී අට වෙද්දී නිදා ගන්න ලැබෙනවා නම් ඒක ඇත්තටම සැනසිල්ලක්'

