රැඳවියකු ගිල දැමූ මත්කුඩු රෝහලේ දී එළියට


(ජයන්ත සමරකෝන්)

යාපනය බන්ධනාගාරයට රැගෙන ආ රිමාන්ඩ් සැකකරුවෙකු විසින් ගිල දැමූ මත්කුඩු පැකට් 8 ක් රෝහලේ දී පිටතට ගැනීමට එම බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සමත්වී ඇතැයි වාර්තා වේ.

මල්ලාකම් අධිකරණයෙන් මෙහිදී රිමාන්ඩ් බාරයට රැගෙන විත් ඇත්තේ යාපනයේ පදිංචිකරුවකු වන ජේ.මොහාන් නැමැත්තෙකි.

සැකකරු ගිල දමා ඇති  මත්කුඩු පැකට්වල හෙරොයින් මිලිග්‍රෑම් 220 ක් තිබූ බවද එහි ප්‍රකාශකයකු අද (16) පැවසීය.

සැකකරු මත්ද්‍රව්‍ය සමඟ යාපනය පොලිසියට බාරදී  ඇති අතර වැඩිදුර පරීක්ෂණ පවත්වයි.