(නාලක සංජීව දහනායක)
රැකියා විරහිත සියලුම උපාධිධාරීන්ට මාර්තු මස 1 වැනිදාට ප්‍රථම රැකියා ලබාදීමට රජය තීරණය කර තිබෙන බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (13) පැවැසීය.
සංඛ්‍යා ලේඛන අනුව රැකියා විරහිත උපාධිධාරීන් පනස් දහසකට අධික පිරිසක් සිටින බව කී අමාත්‍යවරයා ඔවුන්ගේ වයස හෝ උපාධිය අභ්‍යන්තර හෝ බාහිර යන කරුණු සම්බන්ධයෙන් සැළකීමක් නොදක්වන බවද කීය.
ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, තාක්‍ෂණය හා විදෙස් භාෂා ඉගෙන ගත් උපාධිධාරීන්ට ගරු පත්වීම් ලබාදෙන බවත් උපාධිධාරී සියලුම භික්‍ෂූන් වහන්සේලාට ගුරු පත්වීම් හැර වෙනත් පත්වීම් ලබානොදෙන බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
එම වැඩපිළිවෙලට අදාළ තීන්දු තීරණ පිළිබඳව මේ සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා පසුගිය කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව ඔහු සඳහන් කළේය.
එහෙත් ඇතැම් පාර්ශ්ව මෙම වැඩ පිළිවෙල සම්බන්ධයෙන් වැරදි ප‍්‍රචාරයන් ගෙන යන බවත් වත්මන් පාලනය ඉතාම නිහතමානී ජනතාවට ඇහුම්කන් දෙන පාලනයක් බවත් කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ මූලස්ථානයේදී අද (13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

