
(රෝෂන් තුෂාර)
දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබීයදී නාවික හමුදා විසින් සිය භාරයට ගත් අයිස්,හෙරොයින් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839.254ක් මෙරටට ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනකු ලබන 22 දින දක්වා රඳවා ප්‍රශ්න කෙරෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේය.
තරින්ද මදුෂාන්, රසික කුමාර, සංජීව දිල්ෂාන්, උදුල් පේමරත්න හා සුරේෂ් එරංග යන සැකකාර ධීවරයින් පස්දෙනා මෙලෙස රඳවා ප්‍රශ්න කිරීම සිදුකරන බවත් ඊට අදාළ අවසරය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් මත්ද්‍රව්‍ය කාර්යාංශය මෙම කරුණු ඉදිරිපත් කළේය.
පසුගිය 14 වැනි දින තංගල්ල මුහුදේ පාවෙමින් තිබු අයිස් කිලෝ 670 ග්‍රෑම් 676සහ හෙරොයින් කිලෝ 156 ග්‍රෑම් 542 සහ හෂිස් කිලෝ 12 ග්‍රෑම්036 ක මත්ද්‍රව්‍ය තොගය මෙසේ මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් කළේය.
පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගය 16දා අධිකරණයට ඉදිරිපත් කළ අතර එම නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා එදින නියෝග කළේය.

