(ඩි.ජී.සුගතපාල,සුසිල් ප්‍රියන්ත සහ ඩි.ජේ.විජේසිංහ)
රාජසන්තක කරනලද යතුරු පැදියක අංකය සොරකම් කොට තමාගේ යතුරු පැදියේ සවිකරගෙන සිටි ඇල්පිටිය පොලිසියේ කොස්තාපල්වරයෙකු අත් අඩංගුවට ගෙන ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් රාජසන්තක කිරිමෙන් පසු අධිකරණ භුමියේ නතරකර යතුරු පැදියක අංක තහඩුව සැකකාර කොස්තාපල්වරයා විසින් සොරකම්කර තමාගේ යතුරු පැදියේ සවිකර ගෙන සිටියදි ඇල්පිටිය පොලිසියේ නිලධාරින් විසින්ම ඊයේ (11) සවස අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබින.

