(නිමන්ති රණසිංහ)
වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (26) රාත්‍රී කොළඹ නාරාහේන්පිට පෞද්ගලක රෝහලක් වෙත ඇතුළත් කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම වරෙන්තුව ද රැගෙන ගොස් ඒ මහතාට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.
අද (26) මධ්‍යම රාත්‍රීය වන තුරුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෛද්‍යවරයාගෙන් එම ප්‍රකාශය සටහන් කරගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

