රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි ඉල්ලා අත්සන් ව්‍යාපාරයක්


(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක  ද සිල්වා)

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා රජයට බල කරන ඉල්ලීම වෙනුවෙන් ඒ සඳහා මහජනතාවගෙන් අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් අද (3) කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ දී සිදුකෙරිණි.

මෙම කටයුත්ත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව විසින් සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා ඇතුළු එම සංගමයේ සාමාජික වෛද්‍යවරු එක්ව සිටියහ.

 දිවයින පුරාම ස්ථාන රැසක  මෙම අත්සන් ගැනීම සිදු කෙරිණි.

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක  ද සිල්වා)

පොළොන්නරුව මහ රෝහල ඉදිරිපිට  ඡායාරූප  - ඩබ්ලිව් පියතිලක