(තිළිණි ද සිල්වා)
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (19) දහවල් රාජ‍්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල විධිමත් ආකාරයෙන් රජයට පවරා ගැනීමකින් තොරව රජයේ මුදල් වැය කරන බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණි.
ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට මෙම කැඳවීම කර ඇත.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාට අද දහවල් 1.30 ට කොමිශන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවසුවේය.
මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.
විදුලිබල මණ්ඩලයේ විදුලි ධාරිතා හා බලාගාර සඳහා ඉන්ධන ලබා ගැනීමේදී සිදුව ඇති වංචා හා දූෂණ සම්බන්ධව ඇති පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ඔහු කොමිසමට කැඳවා ඇති බව වාර්තා වෙයි.
මීට අමතරව කොළොන්නාව තෙල් ගබඩාවේ තාර විකිණීමේදී රුපියල් මිලියන 358 ක වංචාවක් සම්බන්ධයෙන් කොළොන්නාව තෙල් ගබඩාවේ නිලධාරීන් පිරිසකට ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ අද පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ අතර ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු හා පුනරුත්ථාපන අමාත්‍යාංශයේ ලේකම් වී.සිවඥානසෝති මහතා ද අද ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.

