(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
රාජාංගණය ජලාශයේ වාන්දොරටු විවෘත කිරීම ක්‍රමයෙන් වැඩිකිරීමත් සමග එම ජලාශයට පහළ කලාඔය දෙපස පිහිටි පහත් බිම්ද ජලයෙන් යටවෙමින් පවතී.
ඒ අතර රාජාංගණය ව්‍යාපාරයේ වී වගාකළ කුඹුරු ඉඩම්ද වේ.
මෙවර මහ කන්නයේ වගා කළ විවිධ වයස්වල වී වගාවන් මෙසේ ගංවතුරට යටවෙමින් පවතින අයුරු අද (21) උදෑසන රාජාංගණය වම් ඉවුර යාය-7 ප්‍රදේශයේ දී දැකගත හැකි විය.



