රාජාංගණය වැවේ වාන් දොරටු 16 ක් විවෘත කරයි


(ජයරත්න වික්‍රමාරච්චි)

රජරට ප්‍රදේශයට හා ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන්  අද   ( 05)  දහවල් වන විට  රාජාංගණය ජලාශයේ වාන්දොරටු 16 ක් විවෘත කළ බව රාජාංගණය වාරි මාර්ග කාර්යාලය  පවසයි.

අඩි 8 බැගින් දොරටු 4ක්, අඩි 6 බැගින් දොරටු8ක්, අඩි 4 බැගින් දොරටු 2ක් හා අඩි 2 බැගින් දොරටු 2ක් මෙසේ විවෘත කර තිබේ.

 මේ වනවිට රාජාංගනය ජලාශයේ ජල ධාරිතාවය අඩි 33ක් බවද වාරිමාර්ග කාර්යාලය පැවසීය. මෙම මහ කන්නයේ දී මීට පෙර ද රාජාංගනය ජලාශයේ වාන් දොරටු කිහිපයක්  විවෘත කෙරිණි.