( පුෂ්පකුමාර ජයරත්න )
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අද (7) අලුයම අභාවප්‍රාප්තව ඇත.
මියගිය විට 82 හැවිරිදි වියෙහි පසුවූ ඒ මහතා සහ බිරිඳ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන ලද්දේ මීට දින කීපයකට පෙරය.
මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ඔහු කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වශයෙන්ද කටයුතු කළේය.

