රාජ්‍ය සේවකයන් කැඳවීම ගැන තීරණයට අද විශේෂ සාකච්ඡාවක්


(සුජිත් හේවාජුලිගේ )

රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය සේවය ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු දෙනාගේ එකඟතාව ඇතිව වැඩපිළිවෙළක් සකස් කරගෙන යන බව රාජ්‍ය සේවා පළාත් සභා පළාත් හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා පැවැසීය.

මේ අතර රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය රාජ්‍ය සේවකයන් කැඳවිය යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බව එම අමාත්‍යාංශය පවසයි.