රාජ්‍ය කළමනාකරණ සහකාරවරුන්ගේ තනතුරු නාමයේ වෙනසක්


(රංජන් කස්තුරි)

රාජ්‍ය සේවයේ නියතු රාජ්‍ය කළමනාකරණ සහකාරවරුන්ගේ තනතුරු නාමය ‘කළමනාකරණ සේවා නිලධාරී‘ ලෙස වෙනස්කර තිබේ.

මුලදී ලිපිකරු යන තනතුරු නාමයෙන් හැඳින්වූ එම  රාජ්‍ය සේවකයින්  පසුව රාජ්‍ය කළමනාකරණ සහකාර යනුවෙන් 2013 වසරේදී වෙනස් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කළ අතර එම නාමයද ඉකුත් 9 වැනිදා සිට යළිත් වෙනස් කර තිබේ.