(රංජන් කස්තුරි)
රාජ්‍ය ආයතනවල ඡන්ද ප්‍රචාරණ කටයුතු තහනම් කර තිබෙන බවද, එවැනි සිදුවීම් සම්බන්ධයෙන් එම ආයතනවල බලධාරීන් වගකීමට බැඳී සිටින බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව රාජ්‍ය ආයතන, පළාත් සභාවට අයත් ආයතන, සංස්ථා මණ්ඩල ආදියෙහි ඡන්දය ආයාචනය කිරීම, අත්පත්‍රිකා බෙදීම, කණ්ඩායම් රැස්වීම් පැවැත්වීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී අතර එවැනි සිදුවීම් නතරකිරීමට රාජ්‍ය ආයතනවල බලධාරීන් කටයුතු කළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මීට අමතරව කිසිදු ආකාරයකින් රාජ්‍ය දේපළ මැතිවරණ කටයුතු වෙනුවෙන් භාවිත නොකළ යුතු බවද මැතිවරණ කොමිසම නැවත අවධාරණය කර තිබේ.

