රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකුගේ විෂය පථ වෙනස් වෙයි


(සුජිත් හේවාජුලිගේ )

ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ මොහාන් ද සිල්වා යන මහත්වරුද නව රාජ්‍ය ඇමැතිවරුන් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති මන්දිරයේදී අද (8) දිවුරුම් දුන්හ.

දෙදෙනා නව රාජ්‍ය ඇමතිවරුන් ලෙස දිවුරුම් දුන්නේ ඔවුන්ගේ අමාත්‍යාංශවලට අදාළ විෂය පථයන් වෙනස් කර ඇති නිසාය.

මේ අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ බී හා ධාන්‍ය කාබනික ආහාර ,එළවළු ,පලතුරු ,මිරිස් , ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා ලෙස ද මොහාන් ද සිල්වා මහතා වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස ලෙසද මෙසේ දිවුරුම් දුන්හ.

මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාද සහභාගී විය.