(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රේගුව රාජසන්තක කළ පරිභෝජනයට සුදුසු අත්‍යවශ්‍ය භාණ්ඩ සතොසට ලබාදීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා රේගුව විවිධ හේතු මත රාජසන්තක කරන කළ පාරිභෝජනයට සුදුසු අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලක් හා විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් යටතේ සතොස අළෙවිසල් ජාලය වෙත ලබාගන්නා බවත් මෙම යාන්ත්‍රණය මෙහෙයවීමේ කටයුතු වරාය අධිකාරිය සහ රේගු දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම ආයතන එකතුව ක්‍රියාත්මක කරන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලංකා රේගුව සතුව රාජසන්තක කළ වියලි කහ, උළුඳු පිටි, කරවල ආදි ආහාර ද්‍රව්‍ය රැසක ටොන් ගණනක තොගයක් ඇති බව ද රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

