( තිළිණි ද සිල්වා )
කොළඹ රාජකීය විදුහල්පති ධූරයේ කටයුතු කළ තමා දේශපාලන බලපෑම් මත,නීතියට පටහැනිල ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ධූරයකට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගත් තීරණයෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සදහන් කරමින් ,එම තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති බී.ඒ.අබේරත්න මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01)තීන්දු කළේය.
අත්‍යවශ්‍ය සහ සැබෑ කරුණු සඟවමින් මෙම පෙත්සම ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවීමට පෙත්සම්කරු උත්සාහ කරන ඇති බවට නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතාවයක් පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පෙත්සම ඉවත දමා ඇත.
මෙම පෙත්සම සිසිර ද ආබෘ , ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දෙන ලදී..
පෙත්සම්කාර පාර්ශවය පෙත්සම සම්බන්ධයෙන් සත්‍ය කරුණු වසන් කර ඇති බවට නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ විරෝධතාවය දක්වමින් කියා සිටියාය .

