
(ඩබ්ලිව් ඩී එම් විතානගේ )
රාගම ප්‍රදේශයේ වෙළෙඳ සැලක දී කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධව රිමාන්ඩ් බාරයේ සිටි ප්‍රධාන සැකකාරිය ඇතුළු සැකකරුවන් හත්දෙනා රුපියල් එක් ලක්ෂ පනස් දහස බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමට වත්තල මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය නියම කළාය.
මෙසේ ශරීර ඇප මත මුදා හරිනු ලැබුවේ ප්‍රධාන සැකකාරිය වු රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් හා එම වෙළෙඳ සැලේ සේවය කරන සේවකයින් හය දෙනෙක් වෙති.
මෙහිදි සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතීඥ සුගත් තල්වත්තේගෙදර මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කීය.
මේ කාන්තාව එම වෙළෙඳ සැලේ විශ්වාසය දිනා ගනිමින් කටයුතු කරන ගමන් මේ සොරකම් සිදු කර තිබෙන්නේ. ඒ අවස්ථාවේ ඇතිවු ආවේගශීලීකම මතයි මෙවැනි සිදුවීමක් සිදු වි තිබෙන්නේ. නමුත් ඒ ගැන අපි කණගාටු වෙනවා. ඒ නිසා ඕනෑම කොන්දේසියක් මත තම සේවාදායකයන්ට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා.

