රසායනික ප්‍රහාරයකට මුහුණ දෙන්න පෙරහුරුවක්


(යොහාන් භාසුර)

රසායනික, න්‍යෂ්ටික සහ පුපුරන ද්‍රව්‍ය ප්‍රහාරයකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පුහුණු අභ්‍යාසයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ කොළඹ ජාතික රෝහල එක්ව ජාතික රෝහල් පරිශ්‍රයේදී අද (11) පැවැත්වීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික ජීව විද්‍යාත්මක න්‍යෂ්ටික සහ පුපුරන ද්‍රව්‍ය පක්ශාංගය සහ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ එක්ව මෙම පුහුණු අභ්‍යාසය සංවිධානය කළේය.

එවැනි හදිසි ආපදාවකදී අවම කාලයක් තුළ රෝගීන් ගුවනින් හෝ ගොඩබිමින් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සහ ක්ෂණික ප්‍රතිකාර ලබාදීමේ පුහුණුව මෙම අභ්‍යාසයේ මූලික අරමුණ විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික ජීව විද්‍යාත්මක න්‍යෂ්ටික සහ පුපුරන ද්‍රව්‍ය පක්ශාංගයෙ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් සහ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ කාර්ය මණ්ඩලය මෙම අභ්‍යාසයට සහභාගි වූහ.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මෙම පුහුණු අභ්‍යාසය පැවැත්විණි.