රවී ඇතුළු පිරිසට ඇප නියෝගය හෙට


(මනෝප‍්‍රිය ගුණසේකර)

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 1500 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනා හෙට (26) දක්වා රිමාන්ඞ් බාරයට පත් කළ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද (25) දින ප‍්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පත‍්‍ර බාර දීමෙන් අනතුරුව විත්තිකරුවන් රිමාන්ඞ් බාරයට පත් කරන්නැයි පැමිණිලි පාර්ශවයෙන් ද විත්තිකරුවන්ට ඇප නියම කරන්නැයි විත්ති පාර්ශවයෙන්ද ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ඉල්ලීම් කළහ.

එම ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග කළ විනිසුරු මඩුල්ල මෙම නඩුව හෙට (26) දින යළි කැඳවීමටද නියම කෙරිනි.

මෙම බැඳම්කර වංචා නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කරන ලද අමල් රණරාජා (සභාපති) නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳ යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.